by Siman Nawagaththegama
Price : LKR 500.00
ISBN | 9789556771381 |
Author | Siman Nawagaththegama |
Publisher | Fast |
Year | 2012 |
Edition | 1 |
Category | Sinhala Books |
වනාන්තරය සමඟ ජීවත්ව, එය තම ග්‍රහණයට ගෙන, සතා සිව්පාවා මෙන්ම ගහකොල සමඟද සැබෑ අවබෝදයෙන් ජීවත්වූ මිනිසකුගේ කතාන්දරය. කන්ද පාමුලදී ප්‍රශ්නයක් පැන නැගුණේය . ඔහු අඩිය තබන ඕනෑම පැත්තකට අඩිය තබන්නට සූදානමින් බෙරකාරයාගේ දුව බලා සිටියාය. ඔහු කන්ද නගින්නට සූදානම් වූ විගස , ඇයද කන්ද තරණය කිරීම ආරම්භ කරන බව ඔහු දැනගත්තේය. ඔහු ඇගේ කලවා දෙස බැලුවේය. ඇයගෙන් නිධාන භූමියද කිල්ලට අහු වූ විත්තිය තරබාරුවා කීවේය. එහෙයින් කන්ද මුදුනේ හාමුදුරුවන්ගේ භූමියට ඇය කැටුව යන්නේ කෙලෙසකද? එසේ නමුදු නිධාන භූමියෙහි ශුද්ධවන්තව හැමදා වාසය කළා වූ නාග රාජයාද බහිරවයාද මරණයෙන් ගැලවී නිධාන හොරුන්ගෙන් විමුක්තිය ලද්දේද ඇගේ කිල්ල නිසාම නොවේද? ( පිටුව 67)