by Martin Wickramasinghe
Price : LKR 500.00
ISBN | 9789550201440 |
Author | Martin Wickramasinghe |
Publisher | Sarasa Publishers |
Year | 2007 |
Edition | 1 |
Category | සිංහල කෙටිකතා |
"බලන්න අපේ ගෑනු දරුවන් හැදෙන හැටි!" යි ඔහු යළිත් කීය. "ඔව්, කොපමණ සන්තෝෂයෙන් ද ඔවුන් කාලය ගෙවන්නේ? ඔවුන් ඉන්නා තැනක් කිසි පාලුවක් දැනෙන්නේ නැහැ" යි මම ඉවත බලාගෙනම පිළිතුරු දුන්නෙමි. " 'සිනා නොමසන් දසන් දක්වා' යි අපේ පුරාතන ගෑනු දරුවන්ට අපේ ගුරුවරු ඉගැන්නුවා. දැන් හැදෙන අපේ ගෑනු ළමයි මඟට බැහැලා කොක් හඬ දිදී සිනාසෙනවා." "මහත්තයා දත් නොපෙන්නා සිනාසෙන්ට උත්සාහ කරලා බලන්න. ළඟ ඉන්න කෙනෙකුගෙන් අහන්න මහත්තයාගේ මූණ, බුරිය නැති කැවුම් පෙත්තකට හැරෙන්නේ නැද්ද කියා" යි මම කීවෙමි.