Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Gahanu Nathiwa Translation of Men Without Women By Haruki Murakami

Gahanu Nathiwa Translation of Men Without Women By Haruki Murakami

0 customer ratings, click here to login to do the ratings.

by Nimal Jayarathne
Price : LKR 550.00

Book Details
ISBN9786242020037
AuthorNimal Jayarathne
PublisherFast
Year2020
Edition1
Category Sinhala Books

Book Description

'වැල්වටාරම් නැතිව මං කෙටියෙන් කියන්නම්. මට පුළුවන් වුණා ඇයව ඉතා අමාරුවෙන් හොයාගන්න. ඈ අගේ මහත්තයයි දරුවයි දාලා ගිහින් වෙනත් මිනිහෙක් එක්ක දැන් ජීවත් වෙනවා.' මම ගොළු වුණා. එක පාරට ම මට වටහා ගන්න බැරි වුණා ඔහුට මොනව වෙන්න ඇත්ද කියල. අන්තිමේ දි මට අහන්න පුළුවන් වුණා. 'ඔබ කියන්නෙ ඒ ගෑනි එයාගෙ ස්වාමිපුරුෂයයි, ටෝකයි දොස්තර මහත්තයයි දෙන්න ම දාලා ගියා කියල ද?' 'ඔව්.' ගොටෝ ඔරවලා කිව්ව. 'ඒ ගෑනිට තුන්වෙනි මිනිහෙක් හිටියා. මම ඒ හැම විස්තරයක් ම දන්නෙ නැහැ. නමුත් ඒ මිනිහා මේ ගෑනිට වඩා තරුණයි වගේ. මේක තනිකර ම මගේ අදහසක්. ඒ මිනිහ ඇවිල්ල ඔය කියන තරම් අගේ ඇති මිනිහෙක් නෙමෙයි කියල මට දැනුණා. ඈ ගෙදරින් ගිහිල්ල තිබුණෙ ඒ මිනිහත් එක්ක හොරෙන් පැනල යන්න. ටෝකයි දොස්තර මහත්තයා කළේ පහසු ගල් පඩිපෙළක් හැදුව එක මිසක් වෙන දෙයක් නෙවෙයි. ඈ ඔහුව පාවිච්චි කළා. ඔහු ඒ ගෑනිට ගොඩක් වියදම් කළ බවට සාක්‍ෂි තියෙනවා. මම නීතිඥයො සම්බන්ධ කරගත්තා. ඉන් පස්සෙ ඔවුන් පරීක්‍ෂා කළා ඔහුගෙ බැංකු ශේෂය සහ ක්‍රෙඩිට්පත් ගිණුම්. ඒකෙන් වැඩේ පැහැදිලි වුණා. සමහර විට ඔහු ඒ මුදල් සියල්ල වියදම් කරන්න ඇත්තෙ ඒ ගෑනිට වටිනා තෑගිභෝග ගන්න. එහෙම නැත්නම් ඔහු ඈට ණයට මුදල් දෙන්න ඇති. ඒ මුදල් වියදම් වුණේ කොහොමද කියල හරියටම දැනගන්න පැහැදිලි සාක්‍ෂියක් තිබුණෙ නැහැ, සහ තියෙන විස්තර පැහැදිලි නැහැ. නමුත් අපි දන්න එක ම දේ තමයි ඔහු සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ ගත්ත කියන එක.'

Books Related to This Book

Gahanu Katha Visipahak
Gahanu Katha Visipahak

LKR 500.00

Gahanunta Wada Pirimin Wenas
Gahanunta Wada Pirimin Wenas

LKR 750.00

Gahanu Nathiwa Translation of Men Without Women By Haruki Murakami
Gahanu Nathiwa Translation of Men Without Women By Haruki Murakami

LKR 550.00

Pirimi Saha Gahanu Metharam Wenas Ai
Pirimi Saha Gahanu Metharam Wenas Ai

LKR 480.00

Punchi Gahanu Lamayi
Punchi Gahanu Lamayi

LKR 400.00

Gahanu Lamai
Gahanu Lamai

LKR 550.00

Jeewithayata Vaidya Vidyawa - 2 Gahanunta menma Pirimintath Arthawa Haranaya ha wenath katha
Jeewithayata Vaidya Vidyawa - 2 Gahanunta menma Pirimintath Arthawa Haranaya ha wenath katha

LKR 400.00