Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Emelda

Emelda

0 customer ratings, click here to login to do the ratings.

by Somasiri Munasinghe
Price : LKR 600.00

Book Details
ISBN9789556779981
AuthorSomasiri Munasinghe
PublisherFast
Year2020
Edition1
Category Sinhala Books

Book Description

මම ටික වේලාවක් නිශ්ශබ්දව සිටියේ තව දුරටත් කතා කිරීමට මාතෘකාවක් සොයන්නට ය. ඊට පසු ඇය උකුළේ සැතපෙන ඩෙනිස්ගේ කකුලක් පිරිමදිමින් හිමිහිට දරු නැළවිලි ගීතයක තාලයක් මුමුණන්නට පටන් ගත්තාය. හදිසියේ නින්දෙන් අහැරුණු ඩෙනිස් මහ හයියෙන් හඬන්නට පටන් ගත් නිසා කාමන් දරුවා නළවන්නට වූවාය. මම බිත්තියට බර වී දරුවා දෙස බලා සිටියෙමි. ඔහු හැඬුවේ මහත් අපහසුකාරී විලසකින්ය. 'ඔයාට හුඟක් බඩගිනි ඇති ඩාලින්' කියූ ඇය හැඳගෙන සිටි නයිටිය බුරුල් කර පියවුරක් එළියට ගෙන තනපුඩුව ඩෙනිස්ගේ කටේ තබා ඔහුගේ දහඩියට පෙඟී තිබුණු හිසකෙස් ඇඟිලි තුඩුවලින් පිරිමදිමින් දරු නැළවිලි ගීතය යළි මුමුනන්නට වූවාය. පියයරු වසා ගැනීමට කිසි උත්සාහයක් නොදැරූ ඇය ඩෙනිස්ට කිරි පොවමින් ඔහුගේ හිසට පිඹිමින් හිසකෙස් පිරිමදින්ට ගත්තේ මගෙ කොලූ පැටියට හොඳටම දාඩිය දාලා නේද යයි තොදොල් ලෙස දොඩමින්ය. මගේ හද ගැසෙන්නට වූයේ කෝච්චි ඇන්ජිමක් මෙන්ය. කකුල් දෙක වෙව්ලන්නට පටන් ගෙන දණිස් හන්දි මෙළෙක් ව ගියා වැනි ගතිය නිසා කෙළින් හිටගෙන සිටීම අසීරු බව මට දැනිණි. ඩෙනිස් කාමන්ගේ කිරිවලින් ඉදිමී තිබුණු රෝස පැහැ පියවුරෙහි මුහුණ සඟවාගෙන ඇයගේ වැහි වලාකුළු පැහැ තනපුඩුවෙන් බස බස ගාමින් ඉතා කෑදර ලෙස කිරි ඉරුවේය. තත්පර කිහිපයකට පසු ඇය මා දෙස බලන විට කාමන්ගේ මුහුණ වදමලක් මෙන් රත් පැහැ ගෙන තිබුණු අතර දෙතොල් ඕනෑවට වඩා විවර වී තිබුණි. කඳුළු පිරි දෙනෙතින් පිළිබිඹු වූයේ බැගෑපත් පෙනුමකි. ඇයගේ පියයරු දෙස බලා සිටි මගේ සිතෙහි මතු වූයේ පෙර කිසි දිනෙක මා නොවිදි රාගාධික සිතුවිලිය. තේ වත්තේ ඉන්ද්‍රානි ඇයගේ ගවුමේ හැට්ට කටු ගලවා හැදීගෙන එන දිවුල් ගැට තරමේ පියයුරු පෙන්වූ පසු මා ගැහැනියකගේ පපු පෙදෙසක් දැක තිබුණේ නැත. මා පහත් වී ඒවා සිප ගත් විට ඉන්ද්‍රානි ලැජ්ජාවෙන් මිරිකී ඒ මේ අත ඇඹරී දෑතින් මගේ මුහුණ පැත්තකට කර නැවත හැට්ට කටු ගසා ගත් බව මට මතකය.

Books Related to This Book

Emelda
Emelda

LKR 600.00