Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Weda Beri Dasa Gena Katha : Weda Beri Dasa Kawi Liyapu Heti 4

Weda Beri Dasa Gena Katha : Weda Beri Dasa Kawi Liyapu Heti 4

0 customer ratings, click here to login to do the ratings.

by Dedigama V. Rodrigo
Price : LKR 200.00

Book Details
ISBN9789551319595
AuthorDedigama V. Rodrigo
PublisherPrograsive
Year2017
Edition1
Category Sinhala Books

Book Description

වැඩ බැරි දාස ගැන කතා - 4 කොටස . . . වැඩ බැරි දාස ගෙදර ඇවිත් මුළු දවස තිස්සේම කවි ගොතන්ට පටන් ගත්තා. කාමරය තුළ ඇවිදිමින්, වරෙක බිම බලමින්, තවත් වරෙක සීලිම දෙස බලමින් දෑතින් නිකට අල්ලා ගනිමින් තොල මතුරන්ට වුනා. ඔන්න අන්තිමේදි එයා කවියක් හැදුවා. "සෝයුරනි! මම කවියක් පද බැන්දා. මෙන්න අහපල්ලා!" "ඉතින්, ඉතින් කියාපන්කෝ!" හැම දෙනාම ඔහුගෙන් ඉල්ලා හිටියා. "මම කවි හැදුවෙ නුඹලා ගැනයි. පළමුවෙනි කවිය දක්ස පාල ගැනයි. මෙන්න අහපල්ලා!- "දක්ස පාල ගියේ ගඟට නාන්නට, ඔළුවට උඩින් පැනලා වැටුනා වළකට!" "මොනවා? මම වළට වැටුනෙ කවදාද?" දක්ස පාල ඇහුවා. "ඒක ඇත්ත තමයි. ඒ වුනාට මම එහෙම ලිව්වෙ එළිසමය ගලපා ගන්ට," වැඩ බැරි කවියා විස්තර කළා. "ඉතින් නුඹේ එළිසමය රැක ගන්ට පට්ට පල් බොරුවක් ඇද බානවද?" දක්ස පාල ඇහුවෙ බොහොම කේන්තියෙන්. "සත්තකින්ම, මම ඇත්ත සිද්දි ගැන ලියන්නෙ මොකටද? ඇත්ත ගැන කවි ලියන්ට ඕන නැහැ." "නුඹ තවත් ඔය වගේ කවි ලිව්වොත්, නුඹට වැඩ වරදීවි." දක්ස පාල තර්ජනය කරලා මෙහෙම ඇහුවා: "ඉතින් නුඹ ලියාපු අනිත් කවි මොනවාද?" "කඩිනම් රාළ ගැන ලියාපු කවිය අහපන්,- හැදුනා කඩිනම් රාළට බඩගින්නක්, ගිල්ලා හීතල ඉස්තිරික්කයක්." "සෝයුරනි! වැඩ බැරියා කියන මේ කවි මොනවද? මම කවදාවත් ඉස්තිරික්ක ගිලලා නැහැ." කඩිනම් රාළ වේගයෙන් කෑ ගැහැව්වා. "නුඹ කෑ ගහන්ට එපා. මම කවිය ගෙතුවේ එළිසමය රැක ගන්ට ඕනෑ හින්දා. හීතල ඉස්තිරික්කයක් කියලා ලියුවේ බඩගින්නක් කියන වචනයට ගැළපෙන විදිහට," වැඩ බැරි කවියා කියුවා. "මම හීතල ඉස්තිරික්කයක් හරි රශ්නෙ තියෙන ඉස්තිරික්කයක් හරි කවදාවත් ගිලලා නැහැ!" "ඉතින් මම කියන්නෙ නැහැ නොවැ, ඔයා රශ්නෙ තියෙන ඉස්තිරික්කයක් ගිල්ලා කියලා" වැඩ බැරියා කඩිනම් රාළව සනසලා, ඈනුමා ගැන ඔහු ලියාපු කවි ගැන මෙහෙම කිව්වා: "ඈනුමා ගැන ලියාපු කවි අහපල්ලා!- ඈනුමාගෙ කොට්ටය යට සඟවා තලප රෑ කෑමට." ඈනුමා දුවලා ගිහිල්ලා ඇඳේ තිබුණු කොට්ටය ඔසවා බැලුවා. "හරිම බොරුවක්! මගේ කොට්ටය යට තලප නැහැ." "අපේ ඈනුමාට කවි ගැන කිසිම දැනීමක් නැහැ. මම ඒ වචන ලිව්වෙ එළිසමය ගලපා ගන්ට විතරයි. ඔන්න අහපල්ලා මම එඬරු තෙල් දොස්තර ගැන ලියපු කවිය." "නවත්වාපන්! නුඹගෙ ඔය පල් හෑලි අහන්න අපි තව දුරටත් ලෑස්ති නැහැ. නුඹ ලියා තියෙන්නෙ කවි නොවෙයි, මිනිස්සුන්ට නින්දා කරන බොරු කතා!" එවිට දක්ස පාලයි, කඩිනම් රාළයි, ඈනුමායි විතරක් ඒ අදහසට විරුද්ධ වෙලා කෑ ගැසුවා. "අනිත් අය ගැන ලියපු කවිත් කියවාපන්! අපි ඒවා අහන්ට කැමතියි. ඒ ගොල්ල අපි ගැන ලියාපු කවිත් ඇහැව්වා නොවේද?" "නැහැ! ඕන නැහැ. අපි ඒවා අහන්න කැමති නැහැ!" අනිත් කුරු ළමයි සියලු දෙනාම එකවර කියුවා. "නුඹලා කැමති නැතිනම් මම ඒ කවි අල්ලපු ගෙදර මිනිස්සුන්ට කියවන්නම්," වැඩ බැරි කවියා කියුවා. "මොනවා? නුඹ අල්ලපු ගෙදර මිනිසුන් ඉදිරියේ අපට අවමන් කරන්ට හදනවද? නුඹ එහෙම කළොත් ආපහු මේ ගෙදරට එන්නෙ නැහැ!" "සෝයුරනි! මම එහෙම කරන්නෙ නැහැ. නුඹලා මා සමඟ තරහ වෙන්ට එපා" ඔන්න ඉතින් එදා සිට කුසුම් පුරයේ වැඩ බැරි දාස කවි ලිවීම අතහැර දැම්මා.

Books Related to This Book

Demala Weda Potha Grade 5 (2020 New Sysllabus)
Demala Weda Potha Grade 5 (2020 New Sysllabus)

LKR 650.00

Uththara Sathara G.C.E. O/L Thorathuru ha Sanniwedana Thakshanaya (ICT) Pasugiya Dasa Wasaraka Prashna Pathra Uththara Samaga 2010-2019
Uththara Sathara G.C.E. O/L Thorathuru ha Sanniwedana Thakshanaya (ICT) Pasugiya Dasa Wasaraka Prashna Pathra Uththara Samaga 2010-2019

LKR 340.00

Nawa Vishaya Nirdeshaya Padam Saranshaya : Sanniwedanaya Ha Madya Adyanaya 10 Shreniya (Keti Satahan)
Nawa Vishaya Nirdeshaya Padam Saranshaya : Sanniwedanaya Ha Madya Adyanaya 10 Shreniya (Keti Satahan)

LKR 250.00

Weda Beri Dasa Gena Katha : Soda Wathuren Duwana Riyen Weda Beri Dasa Gaman Giya Heti 5
Weda Beri Dasa Gena Katha : Soda Wathuren Duwana Riyen Weda Beri Dasa Gaman Giya Heti 5

LKR 200.00

Janamadyavedaya Janamadya Adyanaya Saha Vicharaya :Niyayika Sankalpa Saha Paryeshana Kramawedaya
Janamadyavedaya Janamadya Adyanaya Saha Vicharaya :Niyayika Sankalpa Saha Paryeshana Kramawedaya

LKR 400.00

Kadolana Parisara Paddathiya Ha Ehi Wedagathkama
Kadolana Parisara Paddathiya Ha Ehi Wedagathkama

LKR 70.00

Ganitha Hapana 4 Shreniya Weda Potha
Ganitha Hapana 4 Shreniya Weda Potha

LKR 725.00

Waddage Wedakam
Waddage Wedakam

LKR 700.00

Gunasena Shishyathwa Thaksalawa Sinhala Weda Potha Grade 01
Gunasena Shishyathwa Thaksalawa Sinhala Weda Potha Grade 01

LKR 1,750.00

My Tutor 10 Shrniya Thorathuru ha Sanniwedana Thakshanaya ( ICT )
My Tutor 10 Shrniya Thorathuru ha Sanniwedana Thakshanaya ( ICT )

LKR 290.00

Sanniwedana Vidyawa
Sanniwedana Vidyawa

LKR 400.00

Sanskruthika Sanwardhanaya Sandaha Nirmanathmaka Sanniwedanaya
Sanskruthika Sanwardhanaya Sandaha Nirmanathmaka Sanniwedanaya

LKR 675.00

Sanniwedanaya Ha Madya Adyanaya
Sanniwedanaya Ha Madya Adyanaya

LKR 225.00

My Tutor Chithra Panthi Weda Potha Grade 10
My Tutor Chithra Panthi Weda Potha Grade 10

LKR 290.00

Ekomath Eka Rataka 06 : Maha Denamuththage Kuburu Weda
Ekomath Eka Rataka 06 : Maha Denamuththage Kuburu Weda

LKR 200.00