Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Hath Pana

Hath Pana

0 customer ratings, click here to login to do the ratings.

by Kumarathunga Munidasa
Price : LKR 150.00

Book Details
ISBN9789553055583
AuthorKumarathunga Munidasa
PublisherGodage
Year2015
Edition
Category Sinhala Books

Book Description

මේ දෙ මහල්ලන්ට පුතෙක් ද දුවක් ද වූහ. දුව රූමත් තරුණියකි. ඇයගේ කෙස් වැටිය විදාලූ කල දණට වැටේ. ඇඟ තැඹිලි පාටය. උදයම මැද්දාට පසු නම් දත් සුදුය. හවස් වන විට ඒ රතට හැරෙයි. හොඳ උස මහතින් යුත් මේ තරුණිය දෙමවුපියනට මහත් ආඩම්බරයකි. පුතා ගේ නම කිරිහාමිය. හේ උස්ය. මහත් ය. කදිම පෙනුමක් ඇත්තෙකි. ළමා කළ අකුරු කරන්නට යයි අසල පල්ලියකට යැවූ නමුත් ඔහු දන්නා අකුරක් නැත. ඔහුගේ නුවණ කොතරම් දැයි කියත හොත් අසල කවුරුත් ඔහුට "පණ්ඩිතයා" යයි කියති. කිසි දෙයක් ගැන කල්පනාවක් කිරීම ඔහුට නුවුවමනා බැවින්, මේ නම හොඳටම සුදුසු යයි මවුපියෝ කියත්. ගම පුතාට තවත් නමෙක් වෙයි. එනම් "කිරිබත් හාමි" යනුයි. වෑදමක් වූ දා හෝ, මගුලක් වූදා හෝ බොහෝ දෙනා රැස්ව සිටිද්දීම, කිරි බත් ගොඩක් සොයා ගන්නට බැරි වන ලෙස හංගන ගුරුකම, කිරිහාමි දනී. එසේ කරන්නේ අනුනට ඉඩක් නොදීම පණ්ඩිත කම් දොඩමින්ය. "කිරි හාමි" යන්නට "බත්" යන ටික නිකම්ම එකතු වුණා නොවන බව මෙයින් පෙනේ. නිදන්නට ගිය විට කිරි හාමි රෑ දහවල් වෙනසක් නොදනී. මේ කටයුතුය. මේ මොකට යුතුය යන්නත් කිරි හාමි කිසි විටෙකත් නොදකී. එබඳු යමක් අනෙකකු කීවද ඔහුට නො ඇසේ. ඔහුට හිතුනොත් සියල්ලම නොකට යුතුය. මේ නිසා කිරි හාමිට ඇති තවත් නම් බොහෝය. කොපමණ නම් ඇති වුවත් කිරි හාමි ගේ හොඳ ගුණයෙක් වෙයි. එනම් නම්බු නමක් වුවත් අවනම්බු නමක් වුවත් එක ලෙස සැලකීමයි. මේ නිසා කිරි හාමි ගේ හිතට පීඩාවෙක් නැත. ඒ හෙයින් ලෙඩ දුක් ඔහු නොදන්නා දෙයකි. ලෙඩක් දුකක් නැති හෙයින් කිරි හාමි කන බොන දෑ හොඳට ඇඟට අල්ලයි. ඉතින් ඇඟ මහත් වීම පුදුමයෙකැ? අනෙක් අයට කෙසේ කල දවස ගියත් කිරි හාමි සුවසේම ජීවත්වීම පුදුමයෙකැ?

Books Related to This Book

Hathpethi Mala Saha Thawath Katha (HB)
Hathpethi Mala Saha Thawath Katha (HB)

LKR 1,200.00

Hashthiraja Mahaththaya (Sinhala)
Hashthiraja Mahaththaya (Sinhala)

LKR 200.00

Shishathwa Vibagayata Ganitha Gaetalu - 3 4 5
Shishathwa Vibagayata Ganitha Gaetalu - 3 4 5

LKR 350.00

Seriuth Maha Rahathan Wahanse
Seriuth Maha Rahathan Wahanse

LKR 350.00

Sathara Rachana Shathakaya
Sathara Rachana Shathakaya

LKR 250.00

Heena Hathak
Heena Hathak

LKR 440.00

Akasha Dhathuwata Pekaniwelakin Bedemi
Akasha Dhathuwata Pekaniwelakin Bedemi

LKR 850.00

Mage Thaththa Thamai Hapana
Mage Thaththa Thamai Hapana

LKR 200.00

Kesino Naukawe Ghathanaya
Kesino Naukawe Ghathanaya

LKR 450.00

Wurkaya Saha Elu Pataw Hathdena
Wurkaya Saha Elu Pataw Hathdena

LKR 200.00

Gupthathma Gaweshana: Manthri Prethaya Saha Buthayo
Gupthathma Gaweshana: Manthri Prethaya Saha Buthayo

LKR 280.00

Bauthika Vidyathmaka Sankalpa - Methulige Vidya Katha - 15 Sudu Paatata Paata Hathai
Bauthika Vidyathmaka Sankalpa - Methulige Vidya Katha - 15 Sudu Paatata Paata Hathai

LKR 360.00

Arasariviyal Moola Thathuvangal
Arasariviyal Moola Thathuvangal

LKR 300.00

Thathvika Sankhaya Paddathiya saha sankirna sankhaya
Thathvika Sankhaya Paddathiya saha sankirna sankhaya

LKR 550.00

Chathu Madhura
Chathu Madhura

LKR 400.00